Friday, October 26, 2012

ගොන් වැඩ

පාසල් යන අවදියෙන් පටන් ගන්නා අපේ තාරුණ්‍යයෙදි අපි කොල්ලො ටික ගැන්සි ගහන එක සාමාන්‍ය දෙයක්. කොල්ලෙක් උනහම පොතේ දැනුම විතරක් මදි.

මෙහෙම  සෙට් වෙන කට්ටිය ගොඩක් දෙනා කරන්නෙ විනෝදෙටත් වඩා experiment එකට කියල ජොයින්ට් එකක් ගහන්න ගන්නා එක. ඉතින් එහෙම පටන් ගත්ත එක නවත්ත ගත්ත අය කීයෙන් කී දෙනාද අපි අතරේ ඉන්නේ?

ඊටත් පස්සේ ඔන්න බලන්න කියල නයෙකුත් නටවනවා. හැබැයි මල්ලියේ නය නටවන්න අතට ගන්න බටේ බිම තියන එක තමා අමාරුම දේ. ඉතින් පුළුවන් තරම් ඒ දේ නම් කරන්නෙ නැතුව ඉන්න.

අද බලන්න හොදට ඉගෙන ගත්ත කී දෙනෙක් නම් මේ හින්ද අමාරුවේ වැටිලා නන්නත්තාර වෙලා ඉන්නවද කියල. අනික තමා යන්න තියෙන කෝච්චියේ යන්න ඕන වේලාවට යන්න. පහු උන කෝච්චි අල්ලන්න කවමදාවත් බැහැ. එහෙම කරන්න ගියොත් මුළු ජීවිතේම ලොකු අමාරුවක වැටෙනවා.

ඉතින් මල්ලියේ මෙන්න මේ ගොන් වැඩ වලින් අයින් වෙලා ජීවිතේ සාර්ථක කර ගන්න. බැරි නැහැ. එහෙම කියන්නේ එහෙම කරන්න පුළුවන් කියලා මම හොදටම දන්නා නිසා.

මෙන්න මේ නයාවනම් නටවන්න එපා, පුළුවන්තරම් ඇතට එලවන්න. නයා පොඩි උනාට විස සැරයි කියල හැමෝම දන්නවනේ.......

"මහා බුද්ධ මන්ත්‍ර"

මගේ මියගිය ලොකු මාමා සතුව තිබූ පොත් කිහිපයකින් සාමාන්‍යයෙන් හොද තත්වයේ තිබූ මේ පොත scan කර සියල්ලන් හා බෙදා ගැනීමට සිතුවේ මෙහි සඳහන් දේ ඔබටත් වටිනාකමක් ඇතැයි සිතීමෙනි.

මෙම මන්ත්‍ර වල සත්‍ය අසත්‍යතාව පිළිබඳව මා හට වගකීමක් දැරිය නොහැක්කේ මා මේවා අත්හදා බලා නැති බැවිණි. භෞතික වාදීන් විසින් මේවා ප්‍රතික්ෂේප කලද, පුද්ගලිකව මා මේවා නොදන්නා පලියට බොරු යැයි නොකියමි. කෙසේ නමුත්, අප දැහැමිව සිටිනාක් තාක් කල් අප හට නොවරදින බව පමණක් මම විශ්වාස කරමි.

මේවා හංගාගෙන සිටිනවාට වඩා සියල්ලන්ම හා මෙම දැනුම බෙදා ගැනීම, මෙම ශාස්ත්‍රයන්ගේ පිබිදීමකට හා තව තවත් වර්ධනයකට හේතු වේ යැයි සිතන අතරම මින් වැඩක් ගන්නා පුද්ගලයින් හට මින් ප්‍රයෝජනයක් වේ යැයි සිතමි.

එම නිසා මේවා විහිළු ලෙස සලකා අනවශ්‍ය හා අසභ්‍ය comment නොකරණ ලෙස කාරුණික ඉල්ලීමක්ද මේ සමගම කර සිටිමි. 


















Sunday, October 14, 2012

"ආදරවන්තියගේ වටිනාකම"

තියාගෙන හිස නුඹ තුරුල්ලක
පියාගෙන ඉන්න නෙත්
නුඹ සිඹින තුරු නළලත............
බලාගෙන ඉන්න
කල්පයක් වුව නෙත් සර
දරාගත නොහැකි වන තුරු
සෙනෙහස............
සොයාගෙන උණුසුම
රැකගන්නට ජීවිතය
බලාගෙන සිටිය කල්
මදි වීද තව...............
අයාගෙන නෙත් දකින්නට නුඹ
පිරූ පින් තව ඇතිද මට..........
වෙලාගෙන සියොලඟම
සන්තාපය, තනිය
බලාගෙන සිටිමි මම
සන්තකයම ඔබට දෙන්නට..............
ජීවිතයට සොඳුරු නෑ තනිකම
නොමැතිව සෙනෙහසේ සුවඳ........
නුඹ ගැවසෙන ඉසව්වක ඉන්නට
තව බෝ කලක යාවිද............
ඉවරයක්‌ නෑ දකින හීන
මතකයන් විතරයි ඉතිරි අලුයම.............
සැබෑවෙන දිනෙක එය
හිමිව නුඹ මගේම වී
තවත් කිසිවක් මෙලොව නැත මට
ඔබ තරම් වටින....!

Thursday, October 4, 2012

තමා පමණි තම පිහිටට........

උපන් බිමට කළ යුතු                        දේ
නොපිරිහෙලා කළ යුත්                    වේ
දෙමව්පියන් රැක                      ගැනුමත්
අමතක  කළ නොම යුතු                   වේ

හරියන විට වැඩි                        වන්නේ
වරදිනකොට තනි                     වන්නේ
මිතුරන් යනු මේ ලෙස                     වේ
තම පිහිටට තමාම                           වේ

නැති බැරි කළ තම පිහිට                    ට
ඇති හැකි කළ අත දෙන්න                 ට
දෙමාපියන් සහ                          බිරිඳත්
පමණයි අවසාන අප                        හට

මේ  දේවල් සිහි                  කොටගෙන
ජීවත් වෙමු අපි සැම                      දෙන
රැට වැටුණු වලේ                        නැවත
නොවැටෙමු යලි දවල්                 කලට