Thursday, October 4, 2012

තමා පමණි තම පිහිටට........

උපන් බිමට කළ යුතු                        දේ
නොපිරිහෙලා කළ යුත්                    වේ
දෙමව්පියන් රැක                      ගැනුමත්
අමතක  කළ නොම යුතු                   වේ

හරියන විට වැඩි                        වන්නේ
වරදිනකොට තනි                     වන්නේ
මිතුරන් යනු මේ ලෙස                     වේ
තම පිහිටට තමාම                           වේ

නැති බැරි කළ තම පිහිට                    ට
ඇති හැකි කළ අත දෙන්න                 ට
දෙමාපියන් සහ                          බිරිඳත්
පමණයි අවසාන අප                        හට

මේ  දේවල් සිහි                  කොටගෙන
ජීවත් වෙමු අපි සැම                      දෙන
රැට වැටුණු වලේ                        නැවත
නොවැටෙමු යලි දවල්                 කලට



No comments:

Post a Comment