Friday, October 26, 2012

ගොන් වැඩ

පාසල් යන අවදියෙන් පටන් ගන්නා අපේ තාරුණ්‍යයෙදි අපි කොල්ලො ටික ගැන්සි ගහන එක සාමාන්‍ය දෙයක්. කොල්ලෙක් උනහම පොතේ දැනුම විතරක් මදි.

මෙහෙම  සෙට් වෙන කට්ටිය ගොඩක් දෙනා කරන්නෙ විනෝදෙටත් වඩා experiment එකට කියල ජොයින්ට් එකක් ගහන්න ගන්නා එක. ඉතින් එහෙම පටන් ගත්ත එක නවත්ත ගත්ත අය කීයෙන් කී දෙනාද අපි අතරේ ඉන්නේ?

ඊටත් පස්සේ ඔන්න බලන්න කියල නයෙකුත් නටවනවා. හැබැයි මල්ලියේ නය නටවන්න අතට ගන්න බටේ බිම තියන එක තමා අමාරුම දේ. ඉතින් පුළුවන් තරම් ඒ දේ නම් කරන්නෙ නැතුව ඉන්න.

අද බලන්න හොදට ඉගෙන ගත්ත කී දෙනෙක් නම් මේ හින්ද අමාරුවේ වැටිලා නන්නත්තාර වෙලා ඉන්නවද කියල. අනික තමා යන්න තියෙන කෝච්චියේ යන්න ඕන වේලාවට යන්න. පහු උන කෝච්චි අල්ලන්න කවමදාවත් බැහැ. එහෙම කරන්න ගියොත් මුළු ජීවිතේම ලොකු අමාරුවක වැටෙනවා.

ඉතින් මල්ලියේ මෙන්න මේ ගොන් වැඩ වලින් අයින් වෙලා ජීවිතේ සාර්ථක කර ගන්න. බැරි නැහැ. එහෙම කියන්නේ එහෙම කරන්න පුළුවන් කියලා මම හොදටම දන්නා නිසා.

මෙන්න මේ නයාවනම් නටවන්න එපා, පුළුවන්තරම් ඇතට එලවන්න. නයා පොඩි උනාට විස සැරයි කියල හැමෝම දන්නවනේ.......

No comments:

Post a Comment