Sunday, October 14, 2012

"ආදරවන්තියගේ වටිනාකම"

තියාගෙන හිස නුඹ තුරුල්ලක
පියාගෙන ඉන්න නෙත්
නුඹ සිඹින තුරු නළලත............
බලාගෙන ඉන්න
කල්පයක් වුව නෙත් සර
දරාගත නොහැකි වන තුරු
සෙනෙහස............
සොයාගෙන උණුසුම
රැකගන්නට ජීවිතය
බලාගෙන සිටිය කල්
මදි වීද තව...............
අයාගෙන නෙත් දකින්නට නුඹ
පිරූ පින් තව ඇතිද මට..........
වෙලාගෙන සියොලඟම
සන්තාපය, තනිය
බලාගෙන සිටිමි මම
සන්තකයම ඔබට දෙන්නට..............
ජීවිතයට සොඳුරු නෑ තනිකම
නොමැතිව සෙනෙහසේ සුවඳ........
නුඹ ගැවසෙන ඉසව්වක ඉන්නට
තව බෝ කලක යාවිද............
ඉවරයක්‌ නෑ දකින හීන
මතකයන් විතරයි ඉතිරි අලුයම.............
සැබෑවෙන දිනෙක එය
හිමිව නුඹ මගේම වී
තවත් කිසිවක් මෙලොව නැත මට
ඔබ තරම් වටින....!

2 comments:

  1. this was composed for my girlfriend who is now my wife in july 2005. found it recently in a piece of paper and thought to share it...

    ReplyDelete
  2. Harrah's Cherokee Casino & Hotel - MapyRO
    Harrah's 청주 출장안마 Cherokee Casino & Hotel, Cherokee (North 부산광역 출장마사지 Carolina) Address. 15406 North Carolina 315 제주 출장마사지 Highway 315, 고양 출장샵 대전광역 출장샵 777 Harrah's Blvd.

    ReplyDelete